කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
දැණුම අත්දැකීම සහ ක්‍රිස්තුස් වහන්සේ.
"මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් නුඹලාට කරන්නට බැරිය." - යොහාන් 15:4
මිනිසුන් හැටියට අපි දේවස්ථාන වෙත යන්නේ දෙවියන්වහන්සේ මුණ ගැසීමටයි. නුමුත් බයිබලයේ පවසා සිටින අරුම පුදුමය වන්නේ, දෙවියන්වහන්සේ අපගේ සිත තුල ජිවත්වන බවයි. නොඇදහිලිවන්තයන්ට පමණක් නොව නුමුත් සමහර ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන්ට පවා බොහෝවිට තේරුම් ගැනීමට අපහසු මේ සත්‍යය වෙත අපගේ අවධානය යොමු නොවුනත්, දේව වචනය පවසා සිටින්නේ එයයි.
"උන්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරනසේක" - එපිස 3:17
ඉහත සඳහන් පාවුල් තුමාගේ ඉගැන්වීම පෙන්වාදෙන්නේ, මිනිසුන් හැටියට මොලොව ජිවත්වන අප තුළ එනම්, අපගේ හදවත ලෙසින්ද හඳුන්වන සිත තුළ දෙවියන්වහන්සේ වැඩවාසය කරන බවයි.
දේවස්ථානය දෙවියන්ගේ වාසස්ථානය නොවෙයි නම්, දේවස්ථාන ගොඩනගන්නේ ඇයි? ඇදහිලිවන්තයන් සෑම ඉරිදාවකම දේවස්ථාන වෙත යැමේ හේතුව කුමක්ද? යන ප්‍රශ්නය සමහර විට ඔබටත් සිතෙන්නට ඇති නම් පළමුවෙන්ම ඒ ගැන පිළිතුරු සැපයීමට කැමති වන්නේ පාඩම වෙත අවධානය යොමුකර ගැනීම සඳහායි. ඔබගේ ඒ ප්‍රශ්නයට ඇති පිළිතුර වන්නේ, ඇදහිලිවන්තයන් දේවස්ථාන වෙත යන්නේ සාමුහිකව දේව වචනය ඉගෙන ගැනීමට සහ සාමුහිකව දෙවියන් නමස්කාර කිරීමට මිසක් දෙවියන් හමුවීමට නොවෙයි.
දේවස්ථානයට රැස්වීම යන ක්‍රියාධාමය ආගමික චාරිත්‍රයක් හෝ සංස්කෘතිකමය පිළිවෙතක් යන තත්වයට අද දැමීමටත් නොහැකි වන්නේ, එය සාමාන්‍යය ඇදහිලිවන්තයින් එක්ව සාමුහිකව දෙවියන්වහන්සේට ස්තුති පුජා පැවැත්වීමේ ස්ථානයද වන නිසායි. ක්‍රිස්තුස්වහන්සේ හා සමග ආත්මික එකඟ තාවයකට පැමිණීමේ සාමාන්‍ය ක්‍රමය මෙසේ දේවස්ථානය මුල්කරගෙන සිදුවෙයි. කණ්ඩායමක් ලෙසින් හදවතින් උන්වහන්සේ හා සමග ආත්මයෙන් එකට බැඳී උන්වහන්සේව නමස්කාර කිරීම පමණක් එතුළින් සිදුවන අතර එය දෙවියන් වැඩසිටින ස්ථානය නොවෙයි.
පාවුල් තුමා පෙන්වාදෙන අයුරින් දෙවියන්වහන්සේ අප තුල ජීවත්වනවා නම්, ඇයි අප තුල ජිවත්වන ඒ දෙවියන්වහන්සේට අපව නොපෙනෙන්නේ? යනුවෙන් සමහර විට ඔබත් සිතනවා විය හැකියි. එයට ඇති ප්‍රධාන හේතුව ලෙසින් පෙනෙන්නේ මිනිසුන් පඬුරු පුජා අරගෙන දෙවියන් සොයමින් දේවස්ථාන සොයා සොයා යන්නේ දෙවියන් ගේ අවධාණය තමා වෙතට යොමුකරගන්නා පිණිස පමණක් වීමද වීමයි.
ඉහත දැක්වූ ඒ පිළිතුරට මුල්වන හේතුවද සියල්ලට පළමුවෙන් මෙහි සඳහන් කිරීමත් වැදගත් වන්නේ එවිට පමණක් මාතෘකාව වටහා ගැනීමට උපකාරීවන නිසායි. .
ලොව වසනා මිනිසුන් හැටියට අප දෙවියන්වහන්සේ සෙවීමේ පරමාර්ථයද මේ ප්‍රශ්ණයට මුල්වෙයි. ප්‍රශ්නයට අවශ්‍යය පිළිතුර එබැවින් යමෙක් දෙවියන් සොයන්නේ කුමණ හේතුවකටද යන පරමාර්ථය උඩ තීරණය වෙයි.
උදාහරණයක් ලෙසින් යමෙක් දෙවියන්වහන්සේ ගැන ඇති සත්‍යය දැනගැනීම වෙනුවෙන් හෝ එබැවින් ඒ අනුව උන්වහන්සේව දේවත්වයෙන් නමස්කාරය කිරීමේ අරමුණින් දෙවියන් සොයනවා නම් ඒ පරමාර්ථය, යමෙක් තමා මුහුණ දෙන ප්‍රශ්නයෙන් ගැලවීම වෙනුවෙන් දෙවියන් සෙවීමේ අරමුණින් වෙනස් වෙයි.
දෙවියන් සෙවීමේ අරමුණ පිහිට උපකාරය ලබාගැනීම වෙනුවෙන් පමණක් සීමා වෙනවිට ඇයි මාගේ ඉල්ලීම නොඇසෙන්නේ? යන ප්‍රශ්නය පැන නැගෙයි. එවිට උන්වහන්සේට ඇයි මාව නොපෙනෙන්නේ? යන හැඟීමත් අප තුල ඉබේම මතුවෙයි.
දෙවියන්වහන්සේ අප තුළ වැඩවාසය කරණවා නම්, උන්වහන්සේගේ අභිමුඛය, උන්වහන්සේගේ ප්‍රේමය, කරුණාව, පිහිට, උපකාරය මෙන්ම මඟපෙන්වීමත් අප වෙනුවෙන් නම්, ඇයි මට නොලැබෙන්නේ යනුවෙන් යේසුස් වහන්සේ ගෙන් පවා මිනිසුන් අසා සිටි බව දේව වචනයේ දැකිය හැකිවන අතර උන්වහන්සේ ගෙන් අසා සිටි ඒ ප්‍රශ්ණයට පිළිතුරද යේසුස් වහන්සේම සපයා දී ඇති බවත් දේව වචනයේ සඳහන් වෙයි.
"අත්ත මිදී වැලට සම්බන්ධ නම් පමණක් එය ඵලදරයි.
මිදි වැල නම් මමය, නුඹලා එහි අතුය. යමෙක් මා තුළ පවතීම්ද , මමද ඔහු තුළ පවතිමි.
ඒ තැනැත්තා බොහෝ ඵල දරයි. මාගෙන් වෙන්ව නුඹලාට කිසිවක් කරන්නට බැරිය."
- යොහාන් 15:5
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිදිවැල උදාහරණයට ගෙන ඒ තුලින් ඔවුන්ගේ ප්‍රශ්නයට අදාලවන හේතුව පෙන්වාදෙනු පෙනෙයි. ඇදහිලිවන්තයන් පමණක් නොව නුමුත් නොඇදහිලි වන්තයන් පවා "ඇයි" යන ප්‍රශ්නාර්ථය මුලට දමමින් අසා සිටින එවැනි තවත් ප්‍රශ්න බොහොමයකට අවශ්‍යය පිළිතුරද යේසුස් වහන්සේ එහි පවසා සිටියි.
උන්වහන්සේ ගෙන් වෙන්ව ජිවත්වන විට ඒ ජිවිත රටාව උන්වහන්සේ ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ මඟ අහුරයි. යේසුස් වහන්සේ මෙහිදී තම අනුගාමිකයන්ට උගන්වන්නේ, සියල්ලට පළමුවෙන් අප දෙවියන්වහන්සේට සම්බන්ධ වී සිටීම දෙවියන්වහන්සේ තුල ඵලදැරීමට අවශ්‍යය බවයි.
මිදී වැලට සම්බන්ධ නොවුන අතු වියලි යනවා සේම උන්වහන්සේගෙන් වෙන්වී දුරස්ව අප ජීවත්වනවා නම් දෙවියන්වහන්සේ තුලින් ඵල දැරීමත් අපහසු බව ඒ උපමාව පෙන්වාදෙයි. එවිට අප තුල ඉතිරිව තිබෙන්නේ අපගේම ස්වකිය ස්වශක්තිය පමණක් බවත් එය පැහැදිලි කරයි.
දියපාර කුඹුරක් අසලින් පිරි ඉතිරි ගලා ගියත්, ගොවියාගේ ඒ කුඹුරට අවශ්‍යය ජලය ලැබීමට නම් ඒ වෙනුවෙන් පළමුව ගොවියා තම වෙල්යාය දියපාරට සම්බන්ධ කරගත යුතුවෙයි. ගොවියා සකස්කරන ඒ මාර්ගය කෙතරම් දුරට ගැඹුරින් සහ පළල්ව තිබෙනවා වගේම එය බාධා වලින් තොරවූ එකක්ද වන විට ඒ අනුව කුඹුරට ගලා එන වතුරේ ප්‍රමාණයද තීරණය වෙයි.
නුමුත් ගොවියා තම කුඹුරට වතුර ගලා එන ඒ මාර්ගය ගැන අවධානය අත්හැරියොත් සිදුවන්නේ , ක්‍රමක් ක්‍රමයෙන් ඒ තුලින් වතුර ගලා ඒමත් අඩුවී යා හැකියි. එවිට එයට හේතු වන්නේ කුඹුරත් දියපාරත් අතර ඇති ඒ සම්බන්ධය වූ මාර්ගය බාධා වලින් වැසීයාමට ගොවියා ඉඩදීමයි. අවදානය අතහැර දැමීමේ අවධානම එය පෙන්වාදෙයි.
දෙවියන්වහන්සේ අප සිත තුලට පැමිණ වැඩවාසය කිරීමට නම්, අපද උන්වහන්සේට පළමුවෙන් සම්බන්ධ විය යුතුයි. එසේම උන්වහන්සේ අප තුල ක්‍රියාත්මක වීමටත් අප තුලින් උන්වහන්සේ එළිදරව් වීමටත් යන මේ ක්‍රියා දෙකටම බාදක වලින් තොරවූ මාර්ගයක්ද අප විසින් සකසා ගත යුතුයි. දෙවියන්ට අපගේ හඬ ඇසීමට පමණක් නොව නුමුත් උන්වහන්සේට අප තුල වාසය කිරීමටත් ඒවා හේතුවෙයි.
එයින් පැවසෙන්නේ, අපගේ මේ මනුෂ්‍ය ශරීරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩ වාසය කරන ස්ථානය බවට පත්වීමට නම් ඒ වෙනුවෙන් අපගේ වගකීමත් ඒ සඳහා මුල්වන බවයි. ඒ වෙනුවෙන් අවශ්‍යය අපගේ අවංක වගකීම පැහැර හරිමින් අප ජීවත්වන්නේ නම් එවිට ඒ සඳහා භාධාව වන්නේ අපගේම පුද්ගලික වගකීමයි. එබැවින් ඒ වෙනුවෙන් ඇතිවිය යුතු සැබෑ පරිවර්තනය පළමුවෙන්ම අප තුලින් ආරම්භ වියයුතුයි.
"උන්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරනසේක" යනුවෙන් මෙහිදී පාවුල් තුමා මෙහි පෙන්වාදෙන්නේ අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගෙන විශ්වාසයෙන් අදහා ගැනීමට පැමිණෙන අවස්ථාවේ ශුද්ධ ආත්මයාණන් වහන්සේ අපගේ හදවත් තුලට පැමිණීම ගැනයි.
ක්‍රිස්තියානි ජිවිතයේ ඇති අරුම පුදුම වෙනස වන්නේ, අපගේ මේ ශරීරය තුල ඇති ඒ "හදවත" ජීවමාන දෙවියන්වහන්සේගේ වාසස්ථානය බවට පත් කිරීමේ හැකියාව අප සතු වීමයි. කැලේ ජිවත්වන මි මැස්සන් තම ගෙවත්තේ පෙට්ටියකට ජීවත්වීමට මිමැසි පාලකයන් සලස්වනවා වාගේ දෙවියන්වහන්සේ ගේ ආත්මය අපගේ හදවත තුල ජීවත්වීමට ඉඩහැර දීමක් අපටත් කළහැකි වෙයි. යේසුස් වහන්සේ පවසා සිටියේ එවිට දෙවියන්වහන්සේ අප තුල සිටිනා බැවිනුත් අප උන්වහන්සේට සම්බන්ධ වී සිටිනා බැවිනුත් උන්වහන්සේ තුලින් අපට ඵලදැරීමටත් හැකිවන බවයි.
මේ සම්බන්ධය පෙන්වාදෙන අනෙක් කාරණය වන්නේ, දෙවියන්වහන්සේට සම්බන්ධ වී ජීවත්වීමේ හැකියාව මිනිසුන් වන අප ඉදිරියේ ප්‍රකාශවී තිබුනත්, ඒ අත්දැකීම අත් නොලබා එයින් වෙන්වී ජීවත්වීමේ හැකියාවද මිනිසුන්වන අපට තිබෙන බවයි. බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේගේ ජීවමාන භාවය ගැන අත්දැකීම නොලැබීමට හේතුවන හේතුව එවැනි පුද්ගලික තීරණ මත සිදුවෙයි.
බයිබලයේ දැක්වෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය සහ සේවය දෙස බැලීමේදී පෙනීයන් විශේෂ කාරනාව වන්නේ, උන්වහන්සේ මිනිසුන්ට දෙවියන්වහන්සේ මිනිසුන් මාධ්‍යයේ වාසයකරන බව පහදාදුන් ඉගැන්වීම්යි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මොලොවට පහළවීම තුළින් ලෝකයාට පෙන්වාදුන් පණිවිඩය වන්නේ එයයි. එනම් දෙවියන්වහන්සේ අප සමග ජිවත්වන බවත් උන්වහන්සේ අපට ප්‍රේමකරන බවටත් පෙන්වාදෙන පණිවිඩයයි.
එසේ එබැවින් එදා යේසුස් වහන්සේ මෙළොව දෙවියන්වහන්සේ ලෙසින් පෙනිසිටිමින් මිනිසුන්ට කියා සිටියේ උන්වහන්සේ වෙතට පසුතැවිලිවිම තුළින් සම්බන්ධ වන ලෙසයි.
යමෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ගැලවුම් කාරයාණන් වහන්සේ ලෙසින් විශ්වාස කොට පිලිගන්නාවූ ඒ අවස්ථාවේම දෙවියන්වහන්සේගේ ආත්මයද එතැන් පටන් තවදුරටත් ඔහු හෝ ඇය සමග නොව නුමුත් සිත තුලට පැමිණ ඇතුලාන්තයේ ජීවත්වීමට පටන් ගන්නා බව දේව වචනය පවසයි.
යේසුස් වහන්සේ මේ සම්බන්දය පෙන්වා දුන්නේ, තමන් වහන්සේ තුල පියාණන් වහන්සේ සිටිය ආකාරයෙන් තමන්ද පියාණන් වහන්සේට කීකරුව සිටියාක් මෙන්, උන්වහන්සේගේ ඇදහිලිවන්තයන් හැටියට අපිත් උන්වහන්සේට කීකරුව උන්වහන්සේ පිළිගන්නා විට උන්වහන්සේද අපගේ සිත නමැති හදවත උන්වහන්සේගේ වාසස්ථානය බවට පත්කර ගෙන අප අවට නොව නුමුත් අප තුල ජිවත් වීමට පැමිණෙන බවට දුන් පොරොන්දු වීමයි.
"මිදි වැල නම් මමය, නුඹලා එහි අතුය. යමෙක් මා තුළ පවතියිද, මම ඔහු තුළ පවතිමි. ඒ තැනැත්තා බොහෝ ඵල දරයි. " - යොහාන් 15:5
උන්වහන්සේට අප කිකරුවෙන විට සිදුවන්නේ, අප තුළ ශුද්ධ ආත්මයාණන් වහන්සේ ද නිදහසේ ක්‍රියා කිරීමට පටන් ගැනීමයි. එවිට ආත්මයාණන් වහන්සේ අපගේ ජිවිත තුළින් ක්‍රියාත්මක වෙමින් උන්වහන්සේගේ කැමැත්තට සහ සැළැස්මට අනුව මෙලොව ඵලදරන්නාවූ මනුෂ්‍යන් විඅමට අපට පිහිට වෙයි.
එතුලින් සිදුවන වෙනස වන්නේ, තවදුරටත් අප අප කෙරෙහි රැඳී නොසිටිමට පටන් ගැනීමයි. ඒ වෙනුවට අප තුළ වැඩවාසය කරමින්, අප තුළින් ක්‍රියා කරණ ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ ආත්මය කෙරෙහි විශ්වාස කිරීමට පටන් ගැනීමත්, උන්වහන්සේගේ පුර්ණකම සහ ජීවමාන භාවය අත්දැකීමට පටන් ගැනීමයි.
අප උන්වහන්සේ කෙරෙහි රැඳී සිටින විට, අපගේ හදවත් පමණක් නොව නුමුත් අපගේ සම්පුර්ණ ජිවිතයද මුළුමනින්ම උන්වහන්සේගේ කරුණාවෙන්, දයාවෙන් සහ ප්‍රේමයෙන් පිරෙන අතර, උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ අභිමුඛය දිනපතා ජීවිතයේදී අත්දැකීමටද පටන් ගනියි.
ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සම්පුර්ණයෙන්ම රඳා සිටීමට පැමිණීම තුළින් අපි අත් දැකීමට පැමිණෙන්නේ, අලුත් ආගමක් ඇදහීමට පටන් ගැනීමේ අත්දැකීම නොව නුමුත් ජීවමාන දෙවියන්වහන්සේ දැනහඳුනා ගැනීමට පැමිණීමේ අත්දැකීම ලබාගැනීමයි.
දෙවියන්වහන්සේගේ කැමැත්ත තමාගේ කැමැත්ත කරගනිමින් අප ජීවත්වීමට උත්සාහ දරණ විට, අපගේ හදවත දෙවියන්වහන්සේගේ ආත්මය වැඩවාසය වාසය කරනා ස්ථානය බවට පත්වන අතර එවිට එවැන්නන් දෙවියන්වහන්සේගේ හඬද හඳුනා ගැනීමට සමත්වෙයි.
දෙවියන්වහන්සේගේ හඬ හඳුනා ගැනීමේ ප්‍රතිඵලය වන්නේ උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත්වීම අපගේ අලුත් ජිවිත රටාව බවට පත්වීමයි.
දිනපතා දෙවියන්වහන්සේට ආත්මයාණන් වහන්සේ තුළින් සම්බන්ධ වීමට හැකිවීම දෙවියන්වහන්සේගේ බලය අත්දකිමින් ජයග්‍රාහී ක්‍රිස්තියානි ජිවිතයක් ජීවත්වීමට මුළ පිරීම වන අතර ඉන්පසු ඒ කාරිය සිදුවන්නේ අපගේ හදවත් තුළ වාසයකරණ ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීමද ඇතුවයි.
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)